පොලිසීය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් බරපතල තුවාල ලැබූ ඝාතන සැකකරුවෙකු මියයයි (වීඩියෝ)

Friday, 05 June 2020 - 15:47

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මොනරාගල - තෙනගල්ලන්ද - මාරාව ප්‍රදේශයකදී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව බරපතල තුවාල ලැබූ ඝාතන සිද්ධියක සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිය ජාලිය සේනාරත්න සඳහන් කළේ සැකකරු මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර මොනරාගල - ඉත්තෑකටුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරු සතුව තිබී පිහියක් අත්බෝම්බයක් සහ ගිනි අවියක් ද සොයා ගෙන තිබුණා.

සැකකරු ඉත්තෑකටුව - තෙනගල්ලන්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories