කොරෝනා ආසාදිතයින් 1801ක් - 19ක් අදත් සුවය ලබයි (වීඩියෝ)

Friday, 05 June 2020 - 18:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1801%E0%B6%9A%E0%B7%8A+-+19%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 858 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

මේ අතර, අද සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු ද, පිටව යෑමත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 844 දෙනාගෙන් 443 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එසේම, අද දිනයේ මේ දක්වා නව ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අද දිනයේ හඳුනා ගත් ආසාදිතයන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories