ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්

Friday, 05 June 2020 - 20:06

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+6%2C720%2C550%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් ලබන 8 වනදා සිට විවෘත කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මාර්ගෝපදේශ පෙළක් ද නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත්, වෛරස් ආසාදනය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල සාප්පු සංකීර්ණ හා ආගමික ස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇති.

ඉන්දියාව මෙලෙස ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට පියවර ගැණුන ද පසුගිය දින දෙක තුළ එරටින් නව ආසාදිතයන් 25,000ක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ පළමු කොරෝනා මරණ දහස වාර්තා වීමට දින 48ක් ගත වුණා.

එහෙත් දැන් දින 4 කට වරක් මරණ 1000 බැගින් වාර්තා වන බවයි ඉන්දීය රජයේ දත්ත මගින් අනාවරණ වන්නේ.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,93542 ක් ලෙසයි.

එමෙන්ම, කොරෝනා වෛරස් වසංගතයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති ඇමරිකාවේ පසුගිය අප්‍රේල් මාසයේ සියයට 14.7ක්ව පැවති විරැකියා අනුපාතය මැයි මාසයේදී සියයට 19.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

1948 වසරෙන් පසු ඇමරිකාවෙන් වාර්තා වූ වැඩිම විරැකියා අනුපාතය එය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ සිංගප්පූරුවේ පසුගිය අප්‍රේල් මාසයේදී සමාගම් 3800ක් වසා දමා ඇති බව ද සඳහන්.


ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More