මානසික ආබාධ සහිත දරුවෙකුට පහරදුන් බව කියන සිද්ධියට පොලිසියේ තුනකගේ වැඩ තහනම් (වීඩියෝ)

Friday, 05 June 2020 - 20:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අලුත්ගම ප්‍රදේ්ශයේ පොලිස් මුරපොලකදී මානසික ආබාධ සහිත ළමයෙකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ උපපොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න ගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 25 වනදා සවස අලුත්ගම - දර්ගා නගරයේ සිට වැලිපැන්න දෙසට මුඛ ආවරණ නොමැතිව පාපැදියෙන් ගමන් කළ තරුණයෙකු නැවැත්වීම සඳහා පොලීසිය සංඥා කර තිබුණා.

එහිදී ඔහු පාපැදිය නොනවත්වා ගමන් කර ඇති අතර පසුව ඔහු ආපසු දර්ගා නගරය දෙසට පාපැදියෙන් පැමිණීමේදී පොලීසිය ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ මාර්ගය අසල තිබූ මාළු ලෑල්ලක ගැටී බිම ඇද වැටී තිබෙනවා.

අනතුරුව පාපැදිකරු ඉතා උස් හඩින් කෑ ගසා දුවන්නට උත්සාහ කළ අතර, ඔහුව මෙල්ල කර ගැනීම සඳහා අවම බලය පාවිච්චි කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම තරුණයාගේ පියා පැමිණ පොලීසියට සඳහන් කර ඇත්තේ ඔහු මානසික රෝගයකින් පෙලෙන බවයි.

පසුව පොලීසිය අදාළ තරුණයා පියා වෙත භාර දී තිබූ අතර, මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර 16 හැවිරිදි තරුණයා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට හා මානසික වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.




ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More