ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි

Saturday, 06 June 2020 - 6:59

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%B1%E0%B7%96+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, 4,353 කට වැඩි නව අසාදිතයින් පිරිසක් හඳුනා ගැනීමත් සමඟයි.

කොවිඩ් 19 ආසාදනය වී මියගිය ආසදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ලොවපුරා වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 398,071ක්.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සහ කොවිඩ් මරණ අතින් තවමත් ඇමරිකා එක්සත් ජනපදය පෙරමුණ ගෙන ඇති අතර එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,965,708ක්.

ඇමරිකාව තුල 111,390 ක කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 35,047ක් වාර්තා වන්නේ ආසාදිතයින් වාර්තා වීම අතින් දෙවන ස්ථානයේ පසුවෙමින්.

ඒ, අනුව බ්‍රසීලයෙන් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 646,006ක්.

ආසාදිතයන් වාර්තා වීම අතින් ඉහළින්ම සිටින ආසියාතික රට වන්නේ ඉන්දියාවයි.

ඉන්දියාවෙන් වර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 236,184ක් වන අතර 6,649ක කොවිඩ් මරණ සංඛ්‍යාවක් එරටින් වාර්තා වනවා.

මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ ගණන 3,335,219ක්.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories