ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Saturday, 06 June 2020 - 7:27

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (05) දිනයේ වාර්තා වූ තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු සමඟින්.

මෑත කාලයේ එක්දිනකදී වාර්තා වූ අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) දිනයේ වාර්තා වීම විශේෂත්වයක්.

එම හතර දෙනා අතරට නාවික හමුදාවේ දෙදෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, ආසාදිතයන් 19 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 858 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වල රැදී සිටි 11,727 දෙනෙකු මේ වනවිට එම කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

යුද හමුදාව පැවසුවේ ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 5222 ක් නිරෝධායනය වෙමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories