කම්කරු කොංග්‍රසයේ නායකයා, මහ මැතිවරණයෙන් පසු

Saturday, 06 June 2020 - 7:53

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව තීරණයකට එළඹෙන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට පක්ෂයේ පාලන කටයුතු සිදුකෙරෙන්නේ හිටපු නායක මුත්තු සිවලිංගම් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් මගින්.

කෙසේ වෙතත්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවටයි පසුගියදා වාර්තා පළ වුණේ.   

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කරනු ලබන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහායි.

ඔහුගේ අභාවයෙන් හිස්වූ අපේක්ෂකත්වය සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නම් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය පසුගියදා තීරණය කළ අතර, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දැනුවත් කළා.

ඒ අනුව, ජිවන් තොණ්ඩමන් පසුගියදා අදාළ පුරප්පාඩු වූ අපේක්ෂකත්වය සඳහා වන නාම යෝජනා වලට අදාළ ලියකියවිලි වලට අත්සන් තැබුවා.

එම ලියකියවිලි අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories