මුහුණු ආවරණ ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව උපදේශයක්

Saturday, 06 June 2020 - 7:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුහුණු ආවරණ පැළදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය උපදේශය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමගින් නිවේදනය කළේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කිරීම සඳහා සහය වීමට ජනතාව ගැවසෙන ස්ථානවලදී මුහුණු ආවරණ පැළදීම අවශ්‍ය වන බවයි.

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් මුහුණු ආවරණ පැළදිය යුතු බවට ප්‍රමාණවත් සාධක නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 68 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 97,000කට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories