පෙම්වතිය බේරා ගැනීමට ගිය පෙම්වතා මුහුදට බිලි

Saturday, 06 June 2020 - 8:05

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92
විනෝදයට මුහුදු රළ පෑගිීම සඳහා ගිය පෙම්වතුන් යුවලක් අතරින් පෙම්වතිය රළ පහරට හසුව ඇය බේරා ගැනීමට උත්සාහ දැරීමේදී පෙම්වතා දියේ ගිලී මියයාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඒ, මොරටුව - එගොඩ උයන ධීවර නිවාස ඉදිරිපිට මුහුදු තීරයෙන්.

ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව - එගොඩඋයන - වටරවුම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මුහුදු රළට හසුවූ ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම පෙම්වතුන් යුවල ඔවුන්ගේ නැගණියන් සමඟ රැල්ල පාගමින් සිටියදී පෙම්වතිය විශාල රළ පහරකට හසුව තිබෙනවා.

එහිදී වහා ක්‍රියාත්මක වූ පෙම්වතා ඇය බේරා ගැනීමට උත්සාහ දැරීමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.



කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More

කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 16:37

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා... Read More