උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට

Saturday, 06 June 2020 - 9:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්, ප්‍රංශ හමුදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සිදුකළ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය වන ෆ්ලෝරන්ස් පාලි, ප්‍රකාශ කළේ ඔහු සමඟ තවත් අල්ඛයිඩා අනුගාමිකයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

මාලි රාජ්‍යයේ ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේදී ප්‍රංශ හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඉස්ලාමීය මුගාරෙබ් අල්ඛයිඩා හෙවත් ඒ.කිව්.අයි.එම්. ලෙස හදුන්වන උතුරු අප්‍රිකානු අල්ඛයිඩාවරුන්ට අප්‍රිකානු උප සහරා කලාපයේදී බටහිර ජාතිකයන් පැහැර ගැනීම සහ ඔවුන් වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය සඳහන් කළේ අල්ඛයිඩා උතුරු අප්‍රිකානු මෙහෙයුම් ද මේ අනුව අක්‍රිය වනු ඇති බවයි.

1990 දශකයේ අග භාගයේදී අල්ඛයිඩා ඉස්ලාමීය මුගාරෙබ් සංවිධානය ආරම්භ කළේ ඇල්ජීරියානු ඉස්ලාමීය අන්තවාදීන් විසින්.    



ට්‍රම්ප්ගේ බදු වාර්තා ගැන සොයන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසයි
Thursday, 09 July 2020 - 21:35

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු වාර්තා සහ වෙනත්... Read More

හොංකොං වැසියන්ට ඕස්ට්‍රේලියාවෙන් සහාය
Thursday, 09 July 2020 - 18:14

ඕස්ට්‍රේලියාව තුළ නව ජිවිතයක් ආරම්භ කිරීම සඳහා හොංකොං වැසියන්ට... Read More

ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More