පාලමක් අවැසි මොහොත්තුවාරම (වීඩියෝ)

Saturday, 06 June 2020 - 14:49

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කල්පිටිය අර්ධද්වීපයට අයත් වලල්ලේ දූපත් වළලු හත අතරින් මොහොත්තුවාරම දූපතට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයක්.

කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අංක 633 ඩජ්බේ ග්‍රාම නිලධාරී වසමට අයත් මොහොත්තුවාරම දූපතේ සමස්ත වපසරිය අක්කර 5600ක් වන අතර දිගින් කිලෝ මීටර 14ත් , පළලින් කිලෝ මීටර  3කට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත වනවා.
 
දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 800කට ආසන්නයි.

එක් පසකින් සුනදර වූ කලපු තීරයකින් ද තවත් පසෙකින් මහ සයුරෙන්ද වටව ඇති මෙම දූපත සිය වාස භූමිය බවට පත් කරගෙන ඇති බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.

රජය විසින් මෙම දූපත සංචාරක පුරවරයක් බවට පත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටිවීම සඳහා මහත් දායකත්වයක් ලබා දෙන මෙම දූපත නැරඹීම සඳහා දිනකට දෙස් විදෙස් සංචාරකයින් 200කට අධික පිරිසක් පැමිණෙන බවයි.

කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තුවාරම දූපත සහ තුරෙඅඩිය දුපත යා කරමින් පාලමක් නොමැතිකමින් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ප්‍රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ඇත්තේද එක් බෝට්ටුවක් පමණයි.

විවිධ අවස්ථාවලදී මෙම ගැටලුව විසඳන බවට දේශපාලනඥයින් විසින් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නද වසර 50ක සිටම ඊට නිසි විසඳුම් ලැබී නැහැ.

මෙරට සංචාරක කර්මාන්තයේ එක් සුවිශේෂී සන්දිස්ථානයක් වන මෙම කල්පිටිය මොහොත්තුවාරම දූපතට පාලමක සිහිනය සැබෑ කරන්නට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද?



කඩවතදී අත්අඩංගුවට ගත් නාකොටික් IP තවමත් CID යේ
Tuesday, 07 July 2020 - 19:32

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත... Read More

කටාර් ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තාවක්
Tuesday, 07 July 2020 - 19:10

මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු... Read More

මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More