විනාශ මුඛයට යන, පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජ මහා විහාරය (වීඩියෝ)

Saturday, 06 June 2020 - 15:40

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80%E0%B7%80%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලක් ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියන ක්‍රිස්තුපූර්ව 167ත්, 131ත් අතර කාල වකවානුව තුළ දුටුගැමුණු රජ දවස මෙම විහාරය නන්දිමිත්‍ර යෝධයා විසින් ඉදිකරන ලද්දක් ලෙස සැලකෙනවා.

එළාර රජු සමග පැවති සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා විසින් දසමහා යෝධයන් හට සංවර්ධන කටයුතු සඳහා බත් ගම් හෙවත් නින්දගම් ප්‍රදානය කළ බව ඉතිහාසයේ සඳහන්.

ඒ අනුව, නන්දිමිත්‍ර යෝධයාට සිය උපන් ගම පිහිටි දැදුරුඔය ආසන්නයේ අක්කර 4000ක ගම්වරයක් ලබාදී ඇති අතර, තමන් සමග යුද ජයග්‍රහණයට එක්වූ සෙසු යෝධයින් සැමරීම අරමුණු කරගනිමින් පිපුණු නෙළුම් මලක පෙති කඩාවැටී ඇති ආකාරයෙන් මෙම සුවිශේෂී චෛත්‍ය නන්දිමිත්‍ර යෝධයා විසින් නිර්මාණය කර ඇති බව ජනප්‍රවාදයේ දැක්වෙනවා.

දිනෙන් දින ගරා වැටෙමින් මැකී යන ඉතිහාසයේ යටගියාව ප්‍රදේශවාසීන් අපට විස්තර කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More