විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී

Saturday, 06 June 2020 - 17:02

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93
නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ග්‍රාම සේවා වසමක පෙරවරු 10ට එය ආරම්භ කෙරෙන බවයි.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කර ගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය වැනි කරුණු පරීක්ෂා කෙරෙනු ඇති.

මෙම මැතිවරණය සඳහා 200ක පමණ පිරිසක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories