සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)

Saturday, 06 June 2020 - 20:26

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය ඉහළ මට්ටමක පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තංගල්ල මූලික රෝහලේ නව හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

හෘද රෝගීන් වෙනුවෙන් තංගල්ල මූලික රෝහලේ ඉදි කළ හෘද රෝග දැඩිසත්කාර ඒකකය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණා.

මාස දෙකක පමණ කෙටි කාලයක් තුළ ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණය සියලු වෛද්‍ය උපකරණ වලින්ද සමන්විතයි.  

රුහුණු කරළිය සංවිධානයේ ප්‍රජා සත්කාරයක් ලෙස ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවද රුපියල් ලක්ෂ 97ක්
ප්‍රදානය කර තිබෙනවා.

රෝහල් භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයා ජගත් පරිසර දිනය නිමිත්තෙන් රෝහල් භූමියේ පැල සිටුවීමකටද එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories