ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළට

Saturday, 06 June 2020 - 21:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+1814%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 4දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අතර කුවේට් සිට පැමිණි තුන්දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු වනවා.

අද දිනයේ මෙතෙක් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13ක්.

මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 912 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්වී ගොස් ඇති සංඛ්‍යාව 891ක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මරණ 11ක් ද සිදුවුනා.