ප්‍රදේශ කිහිපයක අහසේ හඳුනා නොගත් වස්තුවක් (ඡායාරූප)

Sunday, 07 June 2020 - 7:58

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පැහැදිලිව හඳුනා ගත නොහැකි ආකාශ වස්තුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම නිරීක්ෂණය වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.

ඊට අදාළ වීඩියෝ පටයක් ද තමාට ලැබී ඇති බවටයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ආකාශ වස්තුව කුමක්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

මේ අතර, අදාළ ආකාශ වස්තුව හෝ ඊට සමාන ආකාශ වස්තුවක් කටාන, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ම දර්ශනය වී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව ද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඒකකයේදී ඒ පිළිබඳව පරීක්ෂා කිරීම් කිහිපයක් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.



දින 115කට පසු ශ්‍රේණි තුනක් සඳහා පාසල් අද විවෘතයි
Monday, 06 July 2020 - 6:40

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල්... Read More

පළාත් 07කට අද දිනයේ වැසි
Monday, 06 July 2020 - 6:24

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (06) දිනය තුල... Read More

කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් තුල අත්ඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More