පෙරහුරු ඡන්දය අද අම්බලන්ගොඩදී - මැතිවරණ කොමිසම හෙට රැස්වේ (වීඩියෝ)

Sunday, 07 June 2020 - 8:14

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩදී පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග්‍රාම සේවා වසමක පෙරවරු 10ට එය ආරම්භ කෙරෙන බවයි.

ඒ සඳහා තෝරාගෙන ඇත්තේ අම්බලන්ගොඩ - විලේගොඩ - ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයයි.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කර ගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය වැනි කරුණු පරීක්ෂා කෙරෙනු ඇති.

මෙම මැතිවරණය සඳහා 200 ක පමණ පිරිසක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළේ.

මේ අතර, හෙට රැස්වන මැතිවරණ කොමිසම, එළඹෙන මහ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ  අවසන් තීරණයකට එළඹෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඒ, එම කොමිසමේ පසුගිය බදාදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් කොමිසම හෙට දිනයේදී අවසන් තීරණයක් ගතහොත් එම දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය සහ අපේක්ෂකයින්ගේ නම් හා මනාප අංක ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය ද ඒ අනුව බොහෝදුරට හෙට මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරෙනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 වනදා මහමැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය 2 වනදා ඒකමතිකව තීන්දු කළා.

මේ අතර, කොරෝනා තත්ත්වය හේතුවෙන් එළඹෙන මහ මැතිවරණය පැවැත්වීමට විශාල මුදලක් වැය වනු ඇති බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 7ක පමණ මුදලක් වැය වන අතර, පවතින තත්ත්වය හමුවේ එම මුදල බොහෝදුරට ඉහළ යා හැකි බවයි ඔහු කියා සිටියේ.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිත කිරීම මීට ප්‍රධාන හේතුවක් ද වනවා.

මහ මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසම වෙත භාරදුන්නා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More