ලංගම හෙට සිට රටපුරා දුවයි

Sunday, 07 June 2020 - 8:33

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග හෙට සිට දුම්රිය කිහිපයක් හැර සෙසු දුම්රිය සියල්ල ධාවනයේ යෙදවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට යථා තත්ත්වයට පත් වන පරිදි දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ අතර, එදින සිට අන්තර් පලාත් බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට ප්‍රවාහන සමාගම් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණියා.

ඒ අනුව, සඳුදා දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය සිදුකිරීමටයි බස් සංගම් මේ වනවිට තීරණය කර ඇත්තේ.

ඒ පිලිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ කොළඹ සිට පිට පළාත්වලට අන්තර් පළාත් බස් රථ ධාවනය හෙට සිට යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, ගාලූපාරේ බස් ධාවනය සිදුකිරීමේදී ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ලබන 8 වනදා සිට 22 වනදා දක්වා එය පොලිස් අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, 22 වනදායින් පසු බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ අනුව, පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා කොළඹට පැමිණිමේදී මොරටුව කුරුස හන්දියේ සිට ගල්කිස්ස මැලිබන් හන්දිය, වැල්ලවත්ත හරහා කොල්ලූපිටිය දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වනවා.

එමෙන්ම කොල්ලූපිටිය, පිත්තල හන්දිය, කොම්පඤ්ඤවීදිය, හරහා පිටකොටුව දක්වා එම නීති ක්‍රියාත්මකයි.

පස්වරු 4 සිට පස්වරු 7 දක්වා කොළඹින් පිටත්වීමේදී පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, පිත්තල හන්දිය, පුස්තකාල වටරවුම හරහා කොල්ලූපිටිය දක්වා බස් ප්‍රමුඛතා මංතීරු අනුගමනය කළ යුතු වනවා.

පස්වරු 5 සිට පස්වරු 8 දක්වා කාලය තුළ කොළඹින් පිටත් වීමේදී ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා ද බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වනු ඇති.

පෞද්ගලික හා ලංගම බස් රථ මෙන්ම කාර්යාල ප්‍රවාහන සේවා සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ද මෙම ප්‍රමුඛතා මංතීරුවල ගමන් කළයුතු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.


ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2781ක්
Sunday, 12 July 2020 - 14:32

මහමැතිවරණයට අදාළව, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ... Read More