අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර මිලදී ගන්නා ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

Sunday, 07 June 2020 - 8:40

%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගොවීන් තමන්ගේ අවශ්‍යතාවය පරිදි පොහොර මිලදී ගත යුතු බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි සභාපති මහේෂ් ගම්මන්පිළ ප්‍රකාශ කළේ ගොවීන් අනවශ්‍ය ලෙස පොහොර තොග මිලදී ගැනීම හේතුවෙන් ගබඩාවල පොහොර ඉක්මනින් අවසන් වන බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන්ට පොහොර ලබාගැනීමට නොහැකිවීම  හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම දැඩි විරෝධයක් එල්ල වුණා.

ඊයේ දිනයේදී ද දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් අලූයම සිට එහි රැදී සිටියේ පොහොර මිලදී ගැනීමේ අපේක්ෂාවෙන්.

එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ - කැප්පෙටිපොල ඇතුලූ ප්‍රදේශ කිහිපයක අර්තාපල් ගොවීන් ද චෝදනා කළේ් රජය සතු ගබඩාවල ප්‍රමාණවත් පොහොර නොමැති බවටයි.

කෙසේ වෙතත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සභාපති මහේෂ් ගම්මන්පිල ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් ලබාගන්නා ලෙසයි.