වර්ගවාදය වසංගතයක් - දස දහස් සංඛ්‍යාත ජනයා වොෂින්ටන් අගනුවරට - බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවෙත් විරෝධතා

Sunday, 07 June 2020 - 8:46

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
නිරායුධ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසෙන් ගෙළ සිරකොට ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර වෙත දස දහස් සංඛ්‍යාත ජනතාව අද එක් රැස්වනවා.

12 වන දිනටත් ඇමරිකාවේ ක්‍රියාත්මක විරෝධතා සඳහා වොෂින්ටනයට රැස්වූ පිරිස ලින්කන් ස්මාරකය සහ ධවල මන්දිරය පිවිසුම ආසන්නයේද රැඳී සිටින බවයි වාර්තාවන්නේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් උපන් උතුරු කැරොලයිනාවේ, අදත් අනුස්මරණ මෙහෙයක් පැවැත්වෙන අතර, විශාල පිරිසක් ඔහුගේ සිරුරට අවසන් ගෞරව දැක්වූ බව සඳහන්.

වර්ගවාදයට එරෙහි විරෝධතා තවත් රටවල් කිහිපයකම පැවැත්වෙන අතර, එක්සත් රාජධානියේ විරෝධතාකරුවන් ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරශ්‍රයේ රැස්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුලූ ප්‍රධාන නගරවල වර්ගවාදයට එරෙහි විරෝධතා සංවිධාන කර ඇති අතර, එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ  ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වර්ගවාදය මැඩලීමයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ විරෝධතා රැළියකට එක්වූ ලෝක හෙවිවේට් බොක්සිං ශූර ඇන්තනි ජොෂුවා වර්ගවාදය, වසංගතයක් ලෙස හැඳින්වූවා.

ඔහු කියා සිටියේ කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙන් වර්ගවාදයද වසංගතයක් ලෙස ඔඩුදුවා ඇති බවයි.

30 හැවිරිදි ඇන්තනි ජොෂුවා ලෝක බොක්සිං සම්මේලනයේ සහ වෘත්තිය බොක්සිං සංගමයේ ශූරතා රැසක්ම හොබවනු ලබනවා.


චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More