පෙරහුරු මැතිවරණයට සියල්ල සූදානම්

Sunday, 07 June 2020 - 10:15

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ - විලේගොඩ - ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදියි.

අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග්‍රාම සේවා වසමක ඡන්ද දායකයින් මෙම වැඩසටහනට සම්බන්ධවනවා.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කර ගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය වැනි කරුණු පරීක්ෂා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories