කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට දැවැන්ත හානියක්

Sunday, 07 June 2020 - 10:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60 ක් ජනතාව අන්තදුගී භාවයට පත්වනු ඇති බව ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මල්පාස් පවසනවා.

බිලියන සංඛ්‍යාත ලෝක ජනතාවගේ දෛනික ජන ජීවිතයට එමඟින් දැඩි බලපෑමක් එල්ල කරන බවයි ඔහු සඳහන් කළේ.

ලෝක බැංකුව මගින් අන්තදුගී භාවය ලෙස නිර්ණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු දිනකට ඇමරිකානු ඩොලර් 1.90 කට අඩු මුදලකින් ජීවත්වන තත්ත්වයක්.

බී.බී.සී. ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවට එක්වූ ලෝක බැංකු ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට සිදුවන හානිය අවම වශයෙන් දශකයක කාලයක් පවතිනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories