සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට (වීඩියෝ)

Sunday, 07 June 2020 - 11:01

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+488+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයන් 35 පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් තිබෙනවා.

ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 488ක්.

මේ අතර දිවයිනේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 1,814 ක් ලෙස සටහන් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 891 ක්.

ඒ අනුව වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 912 ක් ලෙසයි සටහන් වන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 855 දෙනා අතරින් 488 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට අද අලූයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

අළුයම 2.51 ට පමණ යූ.එල්. 504 දරණ මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය තුළ උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීර් ගුලේරියා පවසනවා.

ඉන්දීය එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සියලූ ඉන්දියානුවන් වෛරසය සඳහා පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි.

එමෙන්ම පොකුරු ආකාරයෙන් මිස ඉන්දියාවේ සමාජය තුළ රෝගය පැතිරීමක් සිදු නොවන බවයි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානියා සඳහන් කළේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය තුළදී පමණක් 9,971 කින් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 246,000 කට අධිකයි.

ඉන්දියාවේ කොරෝනා මරණ 6,929 ක්ද වාර්තාවනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන්ම සිදුවන මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් ආසාදිතයන් 83,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවනවා.

දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තාවන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්.

තමිල්නාඩුවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 30,152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී නව ආසාදිතයින් 1,458ක් වාර්තා වීමත් සමඟයි.

පසුගිය සතිය පුරාම තමිල්නාඩු ප්‍රාන්තයේ ආසාදිතයින් දිනකට දහසකට වැඩි සංඛ්‍යාවකින් ඉහළ යාම විශේෂත්වයක්.

තමිල්නාඩුවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 20,993ක් වාර්තා වන්නේ චෙන්නායි නුවරින්.

එමෙන්ම, තමිල්නාඩුවෙන් වාර්තා වන කොරෝනා මරණ 251න් 197 ක්ම සිදුව ඇත්තේ චෙන්නායි නුවරදීයි.

මේ නිසා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නිසිලෙස පිළිපදින්නැයි තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.



වල් බිහිවූ ප්‍රාදේශීය සභාව (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:28

ඇල්ල ප්‍රාදේශීය සභාවේ භාවිතය සඳහා මීට වසර 6 කට පමණ පෙර ගොඩනැගිල්ල... Read More

තවත් කොවිඩ් ආසාදිතයෙකු සුවය ලබා පිටව යයි
Sunday, 12 July 2020 - 14:25

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු පූර්ණ සුවය ලබා පිටව... Read More

කොකාවිල් 30 වන විරු සැමරුම (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:21

කොකාවිල් 30වන ඓතිහාසික විරු සැමරුම ඊයේ දිනයට යෙදී තිබුණා. මේ... Read More