වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

Sunday, 07 June 2020 - 11:04

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ වෙඩි වැදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

පොළොන්නරුව - කලහගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවට පොළොන්නරුව පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබී තිබූ අතර, ඒ අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා, තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එහිදී අතේ තිබූ ගිනි අවිය ක්‍රියාත්මකවී ඔහුට වෙඩි වැදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිරුර පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර, පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.



තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More