ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉදිරි මාස දෙක තුන තුළ උපරිම මට්ටමට (වීඩියෝ)

Sunday, 07 June 2020 - 11:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය තුළ උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීර් ගුලේරියා පවසනවා.

ඉන්දීය එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සියලූ ඉන්දියානුවන් වෛරසය සඳහා පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි.

එමෙන්ම පොකුරු ආකාරයෙන් මිස ඉන්දියාවේ සමාජය තුළ රෝගය පැතිරීමක් සිදු නොවන බවයි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානියා සඳහන් කළේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය තුළදී පමණක් 9,971 කින් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 46,000 කට අධිකයි. ඉන්දියාවේ කොරෝනා මරණ 6,929 ක්ද වාර්තාවනවා.



රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More