එළඹෙන සතිය ට්‍රම්ප්ට තීරණාත්මකයි

Sunday, 07 June 2020 - 12:51

%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමරිකාව පුරා දැවැන්ත විරෝධතා මතුවද්දී එළඹෙන සතිය ජනපති ට්‍රම්ප්ට තීරණාත්මක වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

විශේෂයෙන් ධවල මන්දිරය අවට විරෝධතා මර්දනය කිරීමට ඔහු ගෙන ඇති පියවර මේ වනවිට දැඩි විවේචනයට ලක්ව ඇති කරුණක්.  

ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ දස දහසක පමණ හමුදා බලය යොදවා එම විරෝධතා මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග වැදීම සඳහා 77 හැවිරිදි ජෝ බයිඩ්න් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  වන බව ඊයේ තහවුරු කෙරුණා.

ප්‍රවීන දේශපාලනඥයෙකු වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන උප ජනාධිපතිවරයා ලෙස 2009 සිට 2017 දක්වා ජනාධිපති බැරැක් ඔබාමා යටතේ කටයුතු කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වනදා පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories