කොවිඩ් 19 ගැන චීනයෙන් ධවල පත්‍රිකාවක්

Sunday, 07 June 2020 - 13:13

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහිව තම රට ක්‍රියාත්මක කළ සටන සම්බන්ධයෙන් චීනය,  ධවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොවිඩ් 19 සමඟ සටන සහ චීනයේ ක්‍රියාමාර්ග යන තේමාව යතේ සැකසුණු එම ධවල පත්‍රිකාව චීන රජයේ තොරතුරු කාර්යාංශය මගින් නිකුත් කරනු ලැබුවේ බීජිං නුවර අද පැවති මාධ්‍ය හමුවකදියි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.

කෙසේ නමුත් චීනය මේ වනවිට වෛරස් ව්‍යාප්තිය පාලනය කොට ඇති අතර, එරට ජනජීවිතය යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා.

අද නිකුත් කෙරුණු ධවල පත්‍රිකාව මගින් චීනය කොවිඞ් 19 වෛරසය හඳුන්වා ඇත්තේ නොහඳුනන, අනපේක්ෂිත විනාශකාරී වසංගතයක් ලෙසයි.

ජනතා සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබාදෙමින් එය පාලනය කිරීමට ගනු ලැබූ පියවර දැන් සාර්ථක වී ඇති බවයි එහි දැක්වෙන්නේ.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More