දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)

Sunday, 07 June 2020 - 13:39

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත් රෝගයක් නිසාත් කිතුල් ආශ්‍රිත කර්මාන්තය දිනෙන් දින අභාවයට යමින් පවතින බවට දකුණු ලක කිතුල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන නෙළුව - ලංකාගම කිතුල් මදින්නන් පවසනවා.

කිතුල් ශාකය ආසියානු කලාපයේ බොහෝ රටවල දැකගන්නට හැකි වුනත් ඒ හා බැදුණු, ගෘහාශ්‍රිත කර්මාන්තයක් දක්නට ලැබෙනුයේ ශ්‍රී ලංකාවේ පමණයි.

ඈත අතීතයේල කිතුල් ගසත් ගැමි ජීවිතයත් අතර පැවැති සබැඳියාව ගසට පොත්ත මෙන් වුණා.

කිතුල් රා, පැණි කර එමගින් හකුරු නිපදවීම ගෘහ කර්මාන්තයක්‌ ලෙස අතීතයේ සිට අද දක්‌වාම සිදු කෙරෙන්නේ එය බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගය බවට පත් කරමින්.

කිතුල් ශාකය දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක් පුරා ව්‍යාප්තව පවතින අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ආශ්‍රිතව මේ කර්මානතයෙන්
යැපෙන පිරිස 3000ක් පමණ වනවා.

අතීතයේ පටන් කිතුල් කර්මානතය තම ජීවිකාව කරගත් නෙළුව ලංකාගම ගම්වැසියන් මැසිවිල් නගන්නේ අද වන විට මෙම පාරම්පරික කර්මාන්තය අතරමැදි වෙළෙන්දන්ගේ ලාභ අපේක්ෂා අරමුණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් විනාශවෙමින් පවතින බවටයි.

එපමණක් නොව වසර 10කට වඩා වැඩි කාලයක සිට කිතුල් ගසට වැලඳෙන, හදුනා නොගත් රෝගයක් නිසා මේ ගම්වැසියන්ට අද සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

මේ හේතුවෙන් ගම්මානයෙන් ඉතා දුර බැහැර කැලෑ ප්‍රදේශවල පිහිටි කිතුල් ගස් සොයා යෑමට ඔවුන්ට සිදුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories