චීනයේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්

Sunday, 14 June 2020 - 10:23

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චීනයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 57 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තාවී ඇති අතර, එය අප්‍රේල් 13 වනදායින් පසු දිනකදී වාර්තාවූ ඉහළම ආසාදිත සංඛ්‍යාවයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ ඉන් 38 දෙනෙකුටම සමාජ ආශ්‍රිතව වෛරසය ආසාදනය වී ඇති අතර, ඒ අතුරෙන්ද 34 දෙනෙකු බීජිං අගනුවරින් වාර්තාවන බවයි.

චීනයේ බීජිං අගනුවර තොග වෙළඳපොළකින් පසුගිය සතියේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් රැසක් වාර්තා වීමත් සමඟ නගරය සංචාරක කටයුතු සඳහා වසා දමනු ලැබුවා.

මේ නිසා නගරයේ ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් ද නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙන්.

බීජිං නුවරින් නව ආසාදිතයන් හමුවීම දෙවන කොරෝනා රැල්ලක අවදානමක් විය හැකි නිසා චීන බලධාරීන් ඒ පිළිබදව විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories