ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant සියදිවි හානිකරගනී

Sunday, 14 June 2020 - 15:18

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+Sushant+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වන සුෂාන් සිං රාජ්පුත් මුම්බායි හි පිහිටි සිය නිවසේදී සිය දිවි හානි කරගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු සිය නිවසේ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මිය යන විට මොහු 34 වන වියේ පසුවුණා.

සුපිරි ඉන්දීය ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ ජීවන කතාව අලලා සකස් කරන ලද එම්.එස්. දෝනි දි අන්ටෝල්ඩ් ස්ටෝරි නම් චිත්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පොවනු ලැබුවේ ද මොහු විසින්.

හින්දි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති සුෂාන් සිං රාජ්පුත් සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories