ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඇමරිකාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයෙකුගෙන් අනාවරණයක්

Thursday, 18 June 2020 - 17:35

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2020 ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගැනීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනපති ෂී ජින් පිංගේ සහය ලබා ගැනීමේ සහය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ බව ඇමරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සිය කෘතියක් මගින් අනාවරණ කර තිබෙ

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පිරිස් මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බැවින් ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ජනපති ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇමරිකාවේ 27 වන ආරක්ෂක උපදේශකවරයා ලෙස 2018 වසරේදී ජෝන් බෝල්ටන් වැඩ භාර ගත් අතර, ට්‍රම්ප් සමග පැවති මතභේදාත්මක තත්ත්වයක් මුල් කර ගනිමින් 2019 වසරේදී ඔහු එම ධුරයට සමු දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories