ඉන්දු - චීන දේශ සීමා ගැටුම ගැන චීනයෙන් ප්‍රකාශයක්

Saturday, 20 June 2020 - 15:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේ චීන දේශසීමා භටයන් සමඟ ඉන්දියානු සෙබළුන් අතර ඇති වූ ගැටුම පිළිබඳව චීනය අද නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඉන්දියානු හමුදා භටයින් චීන දේශ සීමාවට පැමිණ අදාළ පහරදීම සිදුකර ඇති බවයි.

පසුගිය සඳුදා ඇතිවූ මෙම ගැටුමින් ඉන්දීය හමුදා භටයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, චීන හමුදා භටයින් ජීවිතක්ෂයට පත්වූ බවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සිය දේශසීමා රැක ගැනීම උදෙසා අවශ්‍ය වුවහොත් හමුදා බලය යෙදවීමට සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories