දේශසීමාවේ ගැටුම් අවම කිරීමට ඉන්දියාව සහ චීනය අතර එකඟතාවක්

Tuesday, 23 June 2020 - 19:27

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිමාලය හරහා වැටුණු ලඩාක්, ගැල්වාන් නිම්න දේශසීමාවේ ගැටුම් වැළැක්වීම සඳහා ඉන්දියාව සහ චීනය අතර එකඟත්වයක් ඇතිවී තිබෙන බව වාර්තාවනවා.

ඒ දෙපාර්ශවයේ හමුදා අණදෙන නිලධාරීන් අතර දේශසීමාවේ චීන පාර්ශවයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීජිං නුවරදී සඳහන් කළේ උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා පියවර ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.

අන්‍යනෝන්‍ය අවබෝධයෙන් දේශසීමාවේ හමුදා ඛන්ඩ අතර ගැටුම් අවම කිරීමට එකඟ වූ බව ඉන්දීය ආරංචි මාර්ගද සඳහන් කළා.

පසුගිය සතියේ ගැල්වාන් නිම්නයේදී දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම්වලින් ඉන්දීය හමුදා සෙබළුන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 76 දෙනෙකු තුවාල ලැබුවා.

චීනය සඳහන් කළේ දේශසීමාවේ සිය අණදෙන නිලධාරියාද ගැටුමෙන් මියගිය බවයි.

කෙසේ නමුත් චීන සෙබළුන් 40 දෙනෙකු පමණ ගැටුමේදී මියගිය හෝ තුවාල ලබා ඇති බවට පළවූ ඉන්දීය මාධ්‍ය වාර්තා හුදෙක් ව්‍යාජ පුවතක් ලෙසයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ.




රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More