පෝනී මා - ජැක් මා අභිබවයි

Thursday, 25 June 2020 - 19:53

%E0%B6%B4%E0%B7%9D%E0%B6%B1%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F+-+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ පාරිභෝගික හැසිරීම් වල සිදුවූ වෙනස්කම් සහ වැඩබිම් ඩිජිටල්කරණයට යොමුවීමත් සමඟ බොහෝ අන්තර්ජාල සමාගම්වල කොටස් මිල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව විදෙස් වාර්තා පවසනවා.

ඒ අනුව චීනයේ ටෙන්සන්ට් හෝල්ඩින්ග් ආයතනයේ මෙම සතියේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා ඉහළ ගොස් තිබුණා.

එම තත්ත්වය හමුවේ එරට දැවැන්තම අන්තර්ජාල සේවා සමාගමක් වූ අලිබාබා සමූහ ව්‍යාපාරය ද අභිබවා යාමට ටෙන්සන්ට් හෝල්ඩින්ග් සමාගම සමත්ව ඇති අතර, එහි ප්‍රධාන විධායක නිලධාරි වන පෝනී මා ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, චීනයේ ධනවත්ම පුද්ගලයන් අතර, පළමු ස්ථානයේ රැදුනු අලිබබා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ගේ ඇමරිකානු ඩොලර් බිලියන 48 ක වත්කම ද අභිබවා යමින් එරට ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ටෙන්සන්ට් හෝල්ඩින්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පෝනී මා සමත්ව ඇති බව සඳහන්.

අලිබාබා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ලෝක ධනවතුන් අතර පසුවුණේ 17 වන ස්ථානයේයි.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More