ඊශ්‍රායලයෙන් පලස්තීන ගාසා තීරයට ගුවන් ප්‍රහාර

Saturday, 27 June 2020 - 10:09

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
පලස්තීන ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

ඒ, ගාසා තීරයේ සිට හමාස් සංවිධානය ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ගාසා තීරයේ අවි ගබඩා සහ බෝම්බ නිෂ්පාදනාගාර ගුවන් ප්‍රහාරයේදී ඉලක්ක කෙරුණු බවයි.

පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස සහිත ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදා ගැනීමේ යෝජනාවට විරෝධය පළ කිරීම හමාස් ප්‍රහාරයේ අරමුණ බව සඳහන්.

බටහිර ඉවුරේ සහ ජෝර්දාන නිම්නයේ ප්‍රදේශ රැසක් මෙලෙස ඊශ්‍රායලයට ඈදා ගැනෙන්නේ මේ වසර මුලදී ප්‍රකාශයට පත් කෙරුණු ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනයේ මැදපෙරදිග සාම සැලැස්මට අනුවයි.

කෙසේ නමුත්, මෙම සැලැස්ම මගින් පලස්තීනුවන් අපේක්ෂා කරන ස්වයං රාජ්‍යයට බටහිර ඉවුරේ තවත් ප්‍රදේශයක් අහිමි වන අතර නැගෙනහිර ජෙරුසලම එහි අනනුවර බවට පත් කිරීමට ඉඩ සැලසෙන්නේ නැහැ.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය මෑත කාලයේදී යුද ගැටුම් 3කට අවතීර්ණ වූ අතර, 2014 වසරේ සිදුවූ එම අවසන් ගැටුමෙන් පලස්තීනුවන් 2251ක් සහ ඊශ්‍රායල පාර්ශවයේ 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More