ෆේස්බුක් අර්බුදයක

Saturday, 27 June 2020 - 19:46

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
වෛරී ප්‍රකාශ සහ වර්ගවාදය ඉස්මතු කරවන පළ කිරීම් වැළැක්වීම සඳහා පියවර රැසක් ගැනීමට ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධානවිධායක මාක් සකබර්ග් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එවැනි පළ කිරීම් ප්‍රවෘත්තිමය වැදගත්කමකින් යුක්ත නොවන්නේ නම්, සලකුණු කිරීමට ද පියවර ගැනෙනවා.

ෆේස්බුක් ආයතනය එම පියවරට එළඹී ඇත්තේ එම සමාජ මාධ්‍ය හරහා වර්ගවාදය, ප්‍රචණ්ඩත්වය සහ වෛරී ප්‍රකාශ පැතිරෙන බවට චෝදනා එල්ල වද්දීයි.

මේ අතර, ෆේස්බුක්හි සිය ප්‍රචාරක දැන්වීම් ඉවත් කර ගැනීමට ප්‍රධාන පෙළේ ජාතික සමාගම් රැසක්ම පියවර ගැනීම හේතුවෙන් එහි කොටස්වල ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 56කින් පහත වැටී තිබෙනවා.

ඒ, ෆේක්බුක් කොටසක මිල ඊයේ දිනයේදී ඩොලර් 216 දක්වා සියයට 8.3කින් පහත වැටීමත් සමඟයි.

ඒ අනුව මාක් සකබර්ග්ට ලොව ධනවත්ම පුද්ගලයන් අතර 3 වන ස්ථානය ද අහිමි වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories