නවදිල්ලියේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙයි

Sunday, 28 June 2020 - 9:11

%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මුම්බායි අභිබවා ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන නගරය බවට පත්ව ඇති නවදිල්ලි අගනුවර ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 77,000 ඉක්මවා තිබෙනවා.

ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ 15,685 කින් 2,492 ක්ම වාර්තාවන්නේ දිල්ලි පුරවරයෙන්.

ආසාදිතයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමත් සමඟ එහි ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක පිහිටුවා ඇති ඇඳන් 2,000 කින් යුත් තාවකාලික රෝහල නිරීක්ෂණය කිරීමට දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සමඟ ස්වදේශ කටයුතු ඇමති අමිට් ෂා ද ඊයේ එක්වුණා.

දිල්ලියේ මහ ඇමති කෙජ්රිවාල් කියා සිටියේ ප්‍රාන්ත රජය දැන් දිනකට කොවිඩ් 19 පරීක්ෂාවන් 20,000ක් පමණ සිදුකරන අතර, රෝගීන් සඳහා රෝහල් ඇඳන් 13,500ක් වෙන් කර ඇති බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීමට විකල්ප දෙකක් පවතිනවා.

එනම් ප්‍රාන්තය වසා දමා ක්‍රියාකාරකම් අත්හිටුවීම සහ වෛසරය සමඟ සටන් වැදීමයි.

එයින් කොවිඩ් 19 සමඟ සටන්වැදීමේ විකල්පය තෝරාගෙන ඇති බවයි දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කළේ.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More