ඉන්දියාවට මුහුණදෙන්න චීන හමුදාවට සටන් කලා පුහුණුවක්

Sunday, 28 June 2020 - 10:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය දේශසීමා සෙබළුන් සමඟ ගැටුමකට අවතීර්ණ වූ චීන හමුදා සෙබළුන් ස්ථාන ගත කර ඇති ටිබෙට් සානුව වෙත චීනය සටන් කලා පුහුණුකරුවන් විසිදෙනෙකු යොදවා ඇති බව වාර්තාවනවා.

හොංකොං මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ ඔවුන් ලාසා නුවර රැඳී සිටිමින් චීන හමුදා සෙබළුන්ට සටන් කලා පුහුණුවක් ලබාදෙනු ඇති බවයි.

කුංෆු සහ වූෂු වැනි ඓතිහාසික චීන සටන් කලා ක්‍රම අදත් ලොව බොහෝ ප්‍රදේශවල ප්‍රගුණ කෙරෙනවා.

ගොඩබිම් දේශසීමා ගැටුමකදී එවැනි සටන් කලා ප්‍රයෝජනවත් වීම චීන හමුදාවලට මෙලෙස එම සටන් ශිල්ප පුහුණුවක් ලබාදීමේ අරමුණයි.

ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් ගංඟා නිම්නය හරහා වැටී ඇති දේශසීමාවේ පසුගියදා සිදුවූ ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 76 දෙනෙකු තුවාල ලැබුවා.

ගැටුමින් සිය හමුදාවලට හානි සිදුවූ බවක් චීනය ප්‍රකාශ කළේ නැහැ.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More