ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළට

Monday, 29 June 2020 - 17:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 19,000කට වැඩි පිරිසක් වාර්තා වුණා.

එලෙස 19,000 ඉක්ම වූ නව ආසාදිතයන් වාර්තා වූයේ අඛණ්ඩ දෙවන දිනටයි.

ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 550,000ට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව 16,500කට ආසන්නයි.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 320,000ක් සුවය ලබා ඇති අතර, එය යහපත් ප්‍රවණතාවක් ලෙසයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය හැදින්වූයේ.

ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ මුම්බායි කේන්ද්‍ර කොට ගත් මහා රාෂ්ට්‍ර ප්‍රාන්තය ලබන 31 වන දා වන තුරුම වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවන් හැර එහි ජන සංචරණය සීමා කෙරෙනු ඇති