සේරඇල්ලට ඇද වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ (වීඩියෝ)

Monday, 29 June 2020 - 19:49

%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



විවාහ උත්සවයේ පෙරහුරු ඡායාරූප ගත කිරීමක් සඳහා ලග්ගල - ඉලුක්කුඹුර ප්‍රදේශයේ පිහිටි සේරඇල්ලට ගොස් ඉන් ඇද වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද පස්වරුවේ සොයා ගැනුණා.

වයස අවුරුදු 27 ක් වූ ඔහු සිය 20 හැවිරිදි පෙම්වතිය සහ දෙමව්පියන් සමඟ කුරුණෑගල සිට ලග්ගල - සේරඇල්ල නැරඹීමට පැමිණියේ ඊයේ පස්වරුවේයි.

කෙසේ වෙතත්, ඡායාරූප ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම පය ලිස්සා සේර ඇල්ලට ඇද වැටුණු අතර, එම ස්ථානයේ සිටි අයෙකු විසින් තරුණිය බේරා ගැනීමට කටයුතු කළත් තරුණයා බේරා ගැනීමට හැකිවූයේ නැහැ.