කොරෝනා වසංගතයේ උපරිමය මෙතෙක් උදා වී නැහැ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

Tuesday, 30 June 2020 - 7:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි මාස 6ක් ගත වී ඇතත්, එය අවසන් වීමට ආසන්න වී හෝ නොමැති බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ඊයේ සඳහන් කළේ.

පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, හුදෙකලා කිරීම හා නිරෝධායනය යන පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කළා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි හාර ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 7000කට අධිකයි.

ඉන් අඩක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් වාර්තා වුවද ලතින් ඇමරිකාවේ රෝග ව්‍යාප්තිය වේගවත් වී තිබෙනවා.

එමෙන්ම, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේද කොරෝනා වෛරස් ව්‍යාප්තියේ උපරිම තත්ත්වය ජුලි මාසය අවසන් වන තුරු උදා නොවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.

රටවල් රැසක් වෛරසය පාලනය කිරීමේ ප්‍රගතියක් ලබා ඇතත්, ගෝලීය වශයෙන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බව ඔහු අවධාරණය කරනවා.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 11 July 2020 - 18:29

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ - ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750ක් සොයාගනී
Saturday, 11 July 2020 - 18:09

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්... Read More