හෝමාගම - පිටිපනින් ඇල්ලූ පාතාල අවි ගබඩාවේ තිබූ තවත් ගිනි අවි 7ක් අතුරුදන් (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 7:40

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගයෙන් තවත් ගිනි අවි 7ක් අතුරුදන් වී ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇත්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හෝමාගම - පිටිපන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඟවා තිබියදී ටී - 56 වර්ගයේ ගිනි අවි 11ක් සහ ටී - 81 වර්ගයේ ගිනි අවියක් ඊයේ සොයා ගත්තා.

එම ගිනි අවි දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට විශ්වාස කෙරෙනවා.

ගිනි අවි පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ පසුගියදා මීගොඩ - ඉන්ගම්මාරුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පොට්ට කපිල හෙවත් මඩපාතගේ කපිල කුමාර නමැත්තා විසින්.

මෙම ගිනි අවි අදාළ ස්ථානයේ සඟවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සහ මේවා රැගෙන ආවේ කුමන ප්‍රදේශයක සිට ද යන්න සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවි සඟවා තැබූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.


නාකොටික් 16 කගේ සහ සිවිල් 3දෙනෙකුගේ ලක්ෂ 46ක බැංකු ගිණුම් අත්හිටුවයි
Wednesday, 08 July 2020 - 19:55

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්... Read More

අගමැති මහින්ද වෙනුවෙන් රෝහිත රාජපක්ෂ කුරුණෑගලට (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 19:37

කුමන ආකාරයක ව්‍යවස්ථා සංශෝදනයකින් හෝ සිදුවිය යුත්තේ රටට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More