ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ, ස්වෛරීත්වය උදෙසා කැප වන බව ඇමරිකාව කියයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 8:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%2C+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ඊයේ දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටේගස් සඳහන් කළේ එහිදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පවතින අඛණ්ඩ ඇමරිකානු සබඳතාව තහවුරු කළ බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීත්වය උදෙසා ඇමරිකා එක්සත් ජනපදයේ කැපවීම ඔහු අවධාරණය කළ බවත් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව කියා සිටියා.

කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා දෙරටටම පවතින පොදු අවශ්‍යතාව අවධාරණය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සහ තිරසර වර්ධනය උදෙසා ඇමරිකාව කැප වන බව ද සඳහන් කර තිබෙනවා.

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම පිළිබදව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති මූල්‍යාධාරය ඩොලර් මිලියන 6ක් පමණ වන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව කියා සිටියේ.

සෞඛ්‍ය සහ මානුෂීය කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතාව මෙහිදී ඇගයීමට ලක් වී තිබෙනවා.

දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, මානව හිමිකම්වලට ගරු කිරීම සහ දෙරටේ ජනතාවගේ දිගුකාලීන ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය උදෙසා විනිවිදභාවයේ වැදගත්කම පිළිබදව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන්.


අගමැති මහින්ද වෙනුවෙන් රෝහිත රාජපක්ෂ කුරුණෑගලට (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 19:37

කුමන ආකාරයක ව්‍යවස්ථා සංශෝදනයකින් හෝ සිදුවිය යුත්තේ රටට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More