පොහොය දින උපකාරක පන්ති නතර කිරීමට වෘත්තීය දේශකවරුන් එකඟ වෙයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 8:09

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟත්වය පළ කර තිබෙනවා.

කොරෝනා වෛරසය නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව එම සාකච්ඡාවේදී දේශකවරුන් පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් ද උපදෙස් සහිතව අනුමැතිය ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි අපහසුතාවකට මුහුණ දී ඇති බව දේශකවරුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙසටයි දේශකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නේ ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසුන් සමඟ පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බලන ලෙසටයි.

සියයට 24ක් වූ අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සංශෝධනය කිරීම සඳහා උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

එමෙන්ම, උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීම්, සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව කතාබහට ලක්ව ඇති පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම නතර කිරීමට ද ගුරුවරුන්ගේ කැමැත්ත පළ වී තිබෙනවා.


පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට එජාපය සැරසෙයි
Wednesday, 08 July 2020 - 20:09

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 99 දෙනා... Read More

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කෙරේ
Wednesday, 08 July 2020 - 20:05

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කිරීම තීරණය කර... Read More

නාකොටික් 16 කගේ සහ සිවිල් 3දෙනෙකුගේ ලක්ෂ 46ක බැංකු ගිණුම් අත්හිටුවයි
Wednesday, 08 July 2020 - 19:55

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්... Read More