ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනයට

Tuesday, 30 June 2020 - 11:17

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කොවිඩ් 19 ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබද විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනය බලා යන බව එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රයේසස් ප්‍රකාශ කළා.

ජිනිවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෛරසයේ ආරම්භය ඇතුළු ඒ පිළිබද සියළු තොරතුරු දැන ගැනීමෙන් ඊට එරෙහිව හොදින් සටන් කිරීමට හැකියාවක් ඇති වන බවයි.

කොවිඩ් 19 වෛරසය වූහාන් නගරයේ පර්යේෂණාගාරයකින් නික්මී ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කිහිප විටක්ම ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත්, චීනය එය ප්‍රතික්ෂේප කරන අතර, වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වෛරසයේ ස්වභාවය අනුව එය එලෙස නිර්මාණය කරන ලද්දක් විය නොහැකි බවයි.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය අපහාසයට සහ උපහාසයට ලක් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ පිළිබදව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානය යොමුව තිබෙනවා.

එහි සෞඛ්‍ය හදිසි සේවා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයිකල් රයන් කියා සිටියේ වෛරසය පිළිබඳ සංවාදයේදී එකිනෙකාට ගරුත්වයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

කොරෝනා වෛරසය කුන්ෆ්ලු ලෙස ජනපති ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී ද ප්‍රකාශ කළේ කුන්ෆු සටන් කලාවට ප්‍රකට චීනය ඉලක්ක කර ගනිමින්.

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නොමැති අතර, වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි මාස 6ක් ගත වී ඇතත්, එය අවසන් වීමට ආසන්න වී හෝ නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් සඳහන් කළේ.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට එක්කෝටි හාර ලක්ෂ 12,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 8228ක්.

එමෙන්ම, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 18,522ක් වාර්තා වී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව පන්ලක්ෂ 66,000 ඉක්මවනවා.

ඊයේ වාර්තා වූ මරණ 418ත් සමඟ ඉන්දියාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 16,893 දක්වා ඉහළ යනවා.


තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More