මහමැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්රිකා ලබන ජුලි 11 වන දා, 12 වන දා සහ 13 වන දා තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අපේක්ෂිතයි.
නිළ ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීම ජුලි 29 වන දා වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය අද පැවති හමුවේදී වැඩිදුරටත් ප්රකාශ කළා.
මේ අතර, මහමැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ, එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය ඇතුළු සාමාජිකයින්ගේ මූලිකත්වයෙන්.
එසේම මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්රිකා නිකුත් කිරීම අද ආරම්භ වුණා. අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත තැපැල් ඡන්ද පත්රිකා යොමු කිරීම දිස්ත්රික් තේරීම් භාර නිලධාරී කාර්යාල මට්ටමින් කිරීම මෙහිදී සිදුවනවා.
ඒ අනුව අද, හෙට සහ අනිද්දා යන දින තුනේදීම එම කටයුතු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙවර මහමැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීම සඳහා හත්ලක්ෂ 5085ක් සුදුසුකම් ලබා සිටිනවා.
ඒ අනුව තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීම එළඹෙන ජුලි මස 14,15,16,17 සහ 20,21 යන දිනවල පැවැත්වීමට නියමිතයි.