ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් දිනෙන් දින ඉහළට (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 11:43

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 10,412,345 කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ 508,228ක් වාර්තාවුණා.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් 19 රෝගීන් 44,734ක් සොයා ගැනීමත් සමඟ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,681,811ක් දක්වා ඉහළ ගිය අතර එරට මරණ සංඛ්‍යාව 128,783ක් වාර්තා වන්නේ නව මරණ 346ක් සොයාගැනීමත් සමඟයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙනවා.

ඒ ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 25,234ක් සොයාගෙන ඇති අතර එරට සමස්ථ වෛරස් ආසාදිතයන් 1,370,488ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 727ක් හමුවී ඇති අතර එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 58,385ක් වනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය සංඛ්‍යාව 43,575ක් ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම එරට ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 311,965ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, ආසියා කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින ඉන්දියාවේ වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 567,536ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ගත වූ පය 24 තුල එරටින් නව ආසාදිතයන් 18,339ක් සොයා ගැනීමත් සමඟයි.

එරටින් කොරෝනා මරණ 16,904ක්ද වාර්තා වන අතර ගතවූ පැය 24 තුළ නව මරණ 417ක් වාර්තාවූ බවයි.


පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට එජාපය සැරසෙයි
Wednesday, 08 July 2020 - 20:09

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 99 දෙනා... Read More

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කෙරේ
Wednesday, 08 July 2020 - 20:05

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කිරීම තීරණය කර... Read More

නාකොටික් 16 කගේ සහ සිවිල් 3දෙනෙකුගේ ලක්ෂ 46ක බැංකු ගිණුම් අත්හිටුවයි
Wednesday, 08 July 2020 - 19:55

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්... Read More