වරාය වෘත්තීය සමිතිවලින් රතු එළියක්

Tuesday, 30 June 2020 - 13:08

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැරසෙනවා.

වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න කියා සිටියේ නැගෙනහිර බහලුම් පර්යන්තය පෞද්ගලිකරණය කිරීමේ තීරණය වෙනස් කිරීම සඳහා පැය 24ක කාලයක් රජයට ලබා දී ඇති බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සඳහා පසුගිය රජය අදාළ පිඹුරුපත් සකස් කරනු ලැබුවා.

පසුව වත්මන් රජය විසින් එහි කිරීම් කටයුතු සිදුකිරීම සඳහා චීන සමාගමකට අයත් නෞකාවකින් ග්‍රැන්ටි දොඹකර 3ක් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවේ පසුගිය 21 වන දායි. එහෙත් එය මේ වන තෙක් ගොඩබෑම ප්‍රමාද කරමින් සිටින බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, අදාළ ග්‍රැන්ටි දොඹකර නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑම සිදුකර එම පර්යන්තය පෞද්ගලීකරණය කිරීම නතර කරන ලෙසටයි වෘත්තිය සමිති චෝදනා කරන්නේ.

එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් වරාය සියළුම වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න වැඩිදුරටත් සඳහන් කළා.


අගුලාන සිද්ධිය ගැන සාධාරණ හා විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය කියයි
Saturday, 11 July 2020 - 20:24

මොරටුව - ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු... Read More

මූල්‍ය වංචාවකට ගම්පහ සණස සංගමයේ හිටපු නිලධාරීන් 6ක් රිමාන්ඩ්
Saturday, 11 July 2020 - 20:10

2011 සහ 2016 වසර අතර කාලයේ ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ රුපියල්... Read More