කෝටි 225 හෙරොයින් ජාවාරමට, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරීන්, සම්බන්ධ බවට තොරතුරු

Tuesday, 30 June 2020 - 13:17

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+225+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
වැලිසර - නුගේවත්ත ප්‍රදේශයේදී සහල් මළු තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පැවසූ රුපියල් කෝටි 225ක් වටිනා මත්කුඩු, ජාවාරම්කරුවන්ගේ සහයෙන් අදාළ සහල් මළු තුළ සඟවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බවට අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා එම කාර්යාංශය භාර උසස් නිළධාරීන්ගේ සහය ද ලැබී ඇති බවට සැක මතුව ඇති බවයි සිද්ධිය පිළිබඳව විමර්ශණ සිදු කරන රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් විශාල ප්‍රමාණයක් නැවත ජාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් 04 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුගිය මැයි මස 14 වනදා කළ වැටලීමකදි සහල් මළු තුළ සඟවා තිබූ කෝටි 225ක වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කළේ ඊට පසුදින කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙය වීමෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙම මත්කුඩු රැගෙනවිත් සහල් මළු තුළ සඟවා ඇදිරි නීති කාල සීමාවේ මේවා බෙදා හැරීමට සැලසුම් කර තිබූ බව එහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියා.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී හෙලි නොවූ කරුණු රැසක් රහස් පොලිසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ මාධ්‍ය හමුවට පෙර අදාළ මත්කුඩු තොගය සැකකරුවන් විසින් ගාල්ල - බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඔවුන් විසින්ම අසුරා ඇති බවට තොරතුරු හෙලි වීමත් සමඟයි.

මෙම මත්කුඩු දින 20ක පමණ කාලයක් අදාළ හෝටලය තුළ තිබී ඇති අතර දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු ඒවා නිරීක්ෂණය කර ඇති බවද හෙලි වී තිබෙනවා.

ඒ, හෝටලයේ හිමිකරුගෙන් රහස් පොලිසිය ඊයේ කළ ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රශ්ණ කිරීම්වලදීයි.

මෙම මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒම සඳහා ට්‍රෝලර් යාත්‍රාවක් කුලියට ගෙන ඇත්තේත් ඒවා සහල් මළු තුළ අසුරා වැලිසර ප්‍රදේශයට ප්‍රවාහන කර ඇත්තේත් මෙම සැකකරුවන් බවට හෙලිවී තිබෙනවා.

ඒ සඳහා බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුගෙන් මොවුන්ට රුපියල් කෝටි 4ක ආසන්න මුදලක් ලැබී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කරන රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම තවත් මත්කුඩු තොගයක් බේරුවල සහ පාර්ලිමේන්තුව අසල ප්‍රදේශයේදී සැකකරුවන් විසින් පිරිසකට ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකාර පොලිස් නිළධාරීන් හෙරොයින් විකුණා ලබාගන්නා ලද 11 ලක්ෂ 45,000ක මුදලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයාගනු ලැබුවේ අත්අඩංගුවේ සිටින පොලිස් සැරයන්වරයෙකුගේ මහව - දළදා ගම ප්‍රදේශයේ වත්තක සඟවා තිබියදීයි.

ඔහු ඇතුළු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ අතර මෙම ජාවාරම අනාවරණය වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පොලිස් සුභ සාධන කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගත්තා.

එහි නව ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සුයි.


මහ බැංකුව මැදිහත් නොවීමෙන් අසරණ වී ඇතැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කියයි
Saturday, 11 July 2020 - 19:31

තමන්ට හිමි තැන්පතු මුදල් ආපසු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළ යයි
Saturday, 11 July 2020 - 19:16

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More