හොංකොං ආධිපත්‍ය චීනය නීතියෙන් සම්මත කර ගනී

Tuesday, 30 June 2020 - 13:19

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%86%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හොංකොං දිවයිනේ සිය ආධිපත්‍ය තහවුරු කරන නව ආරක්ෂක නීතිය චීනය විසින් සම්මත කර ගෙන තිබෙනවා.

ඒ අනුව චීනයෙන් වෙන්වීමට උත්සාහ දැරීම, කැරළි ගැසීම ත්‍රස්තවාදය හෝ විදේශ හමුදා සමඟ එක්වීම නීතිමය වශයෙන් අපරාධ ලෙස සැලකෙනු ඇති.

චීනය මෙම පියවර ගනු ලැබුයේ පසුගිය වසරේ හොංකොං දිවයිනේ පැවති විරෝධතා රැල්ලකින අනතුරුවයි.

එම විරෝධතාවන් පැන නැගුණේ ද අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් චීන මව් භූමියට රැගෙන යාමේ නීතියක් සම්මත කර ගැනීම හේතුවෙන්. කෙසේ නමුත් පසුව එය අත්හිටුවනු ලැබුවා.

ඇතැමුන් හඳුන්වන්නේ නව ආරක්ෂක නීතිය මගින් හොංකොං හි අනන්‍යතාව දැඩි ලෙස අභියෝගයට ලක් වනු ඇති බවයි.

1997 වසරේ බ්‍රිතාන්‍යයෙන් නැවත චීනයට හිමි වූ හොංකොං දිවයිනේ වෙළඳ ආර්ථික ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.